දුරකතනයෙන් පරිගණකය unlock කිරීම

පරිගණක වල ආරක්ෂාව සදහා යොදන password වලට වඩා පහසු හා ආරක්‍ෂිත ක්‍රමවේද වලට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. USB unlocking , face unlock, gesture unlock වැනි විකල්ප වලට බොහෝ දෙනා යොමු වන්නේ එබැවිනි.

වර්තමානයේ බොහෝ දෙනා සතුව smartphone හා smartwatch ද ඇති බැවින් ඒවා මගින් ඔබේ පරිගණකය පහසුවෙන් unlock කිරීමේ විවිධ පහසුකම් ලබා දී ඇත. apple උපාංග වල mac පරිගණක හා iphone හෝ apple watch සදහා මෙවන් app බොහොමයක් දකින්නට ලැබෙන අතර විකල්ප කිහිපයක් දැකිය හැකි වේ.

mac පරිගණකයක් ios උපාංගයකින් unlock කිරීම

"knock " නම් app එක හරහා ඔබට මෙය කල හැකිය. apple දුරකතනයට හා mac පරිගණකයට knock වැඩසටහන ස්ථාපනය කර දුරකථනයට තට්ටු කල විට පරිගණකය unlock වේ. මෙය apple watch උපාංගයටද යෙදිය හැක. මෙම app එක ඇ.ඩො. 3.99 කට apple app store හරහා ලබා ගත යුතුය.

"Tether" නම් app එකද මෙයට සමාන ආකාරයේ ක්‍රියා කරන නමුත් දුරකථනය පරිගණකය අසලට ගෙන හා විට පරිගණකය unlock වීමත් එය පරිගණකයෙන් ඉවතට ගෙන ගිය විට ස්වයන්ක්‍රීයව පරිගණකය lock වීමත් මෙමගින් සිදු කරනු ලැබේ. apple watch සදහා tether දැන් ස්ථාපනය කල හැකි අතර මෙම app එක නොමිලේ ලබාගත හැකිය. නමුත් අතිරේක පහසුකම් මුදල් ගෙවා ලබා ගත යුතුය.

"Mac ID " නම් app එක ක්‍රියා කරන්නේ fingerprint scanner සහිත apple දුරකථන සදහා පමණි.මෙමගින් ඔබට ඔබේ ඇගිලි සලකුණු දුරකතනයට ලබා ඩීම හරහා පරිගණකය unlock කල හැකි අතර එය දුරකථන සදහා ලබා ගැනීමට ඇ.ඩො. 3.99 ක් ගෙවිය යුතුය.

chromebook පරිගණකයත් android දුරකතනයකින් unlock කිරීම android සදහා මෙම පහසුකම තවමත් දුලබ නමුත් android 5.0 lolipop දුරකතනයකට ස්ථාපනය කරන ලද smart lock app එක හරහා අතිරේක මෘදුකාංග රහිතව chromebook පරිගණකයෙන් unlock කර ගැනීම කල හැකිය.

windows පරිගණකයක් android දුරකතනයකින්unlock කිරීම.

android හා windows සදහා ඇති ක්‍රමවේදය ඉතා සංකීර්ණ අතර පරිගණකයට "event host " මෘදුකාංගය ස්ථාපනය කර දුරකතනයට "auto remote " හා "sker" app ස්ථාපනය කර තරමක් සංකීර්ණ සීරුමාරු කිරීම් මාලාවකින් පසු දුරකථන මගින් ස්වයන්ක්‍රීයව පරිගණකය unlock කරගත හැකි නමුත් මෙම ක්‍රියාවලියේ යම් යම් දෝෂ පවතින බැවින් ඒ පිලිබදව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.

source | රූ පරිගණක සගරාව

Share on Google Plus

About SLVIKI

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment